Govdoc Blog

ඖෂධීය කංසා වගාව සඳහා අවසර

ඖෂධීය කංසා වගාව

ආයුර්වෙිද පනත සංශෝධනය මඟින් ආයුර්වේද ඔසු වගා කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදුන් බවද, ඒ හරහා කංසා වගා කිරීම සඳහා අවසර හිමිවන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව වාණිජමය වශයෙන් ඔසු වගාව සිදුවිය යුතු අතර ඖෂධීය කංසා සම්බන්ධයෙන් අදාළ නීති රාමුව තුළ දක්වා ඇති බව වැඩිදුරටත් පවසයි‍.

ඖෂධීය කංසා වගා වැඩසටහන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමඟ ඒකාබද්ධව සිදුකරන බවත්, මෙම අවසරය හරහා මෙරට විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද සඳහන් කරයි.

ආයුර්වේද නීති සංග්‍රහය, ඖෂධීය ශාක සහ නීතිමය රාමුවක් ගැසට් නිවේදනයක් මඟින් ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කරයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular