Govdoc Blog

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ලබාගැනීම ජුනි සිට

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එහි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී සඳහන් කළේ, නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි.

ඒ අනුව ජූනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ Facial recognition වලට අදාළ දත්ත එකතු කිරීමට කටයුතු කරන බවත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ කටයුතු ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed