Govdoc Blog

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝබර් 05 ආරම්භ වෙයි .

2023 ලෝක කුසලාන ක්‍රිකට්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද  එනම් ඔක්තෝබර් (05) ආරම්භ වෙයි. එය අද සිට නොවැම්බර් 19 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ‍.

 මෙය කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 48 කින් සමන්විත එම තරගාවලිය දින 46කදී පැවැත්වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම මෙම තරග Ahmedabad, Bengaluru, Chennai, Delhi, Dharamsala, Guwahati, Hyderabad, Kolkata, Lucknow, Indore, Rajkot, Mumbai ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇති බවය.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular