විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දෙවන වටයේ ලියාපදිංචි වීම් සැප්තැම්බර් 17 ට පෙර සිදුකරන ලෙසට දැනුම්දීමක්
2025 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින්, පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම මේ වන විට සිදු කර තිබෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අදාළ සිසුන් තෝරා ගැනීමේ කටයුතු සිදු කර ඇති අතර, එම තෝරාගත් සිසුන් සඳහා ලියාපදිංචි වීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.ඒ අනුව, මෙම වටය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වී ඇති සිසුන්, 2026 සැප්තැම්බර් මස 17 වැනිදාට පෙර ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.අදාළ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචි වීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) හරහා ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
| Instructions to Download Your Letter of Selection | English | Sinhala | Tamil |
| To Directly Proceed to Registration | Click Here |
| To Download the Letter of Selection and Proceed to Registration | Click Here |
මූලාශ්‍රය – එසැණ පුවත්


govdoc blog
Add comment