Govdoc Blog

චීන රජයේ උපාධි සහ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව – 2027/2028

Share Image

චීන රජයේ උපාධි සහ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව – 2027/2028

2027/2028 අධ්‍යයන වර්ෂය සඳහා චීන මහජන සමූහාණ්ඩුව විසින් පිරිනමනු ලබන උපාධි සහ පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි) ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • ශිෂ්‍යත්ව සංඛ්‍යාව: 20
  • වැඩසටහන්: උපාධි අපේක්ෂක, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධිය

පශ්චාත් උපාධි (Master’s) අපේක්ෂකයින් සඳහා :

  1. 2026.12.31 දින වන විට වයස අවුරුදු 35ට අඩු විය යුතුය.
  2. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින්, අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළව ‘පළමු පන්තියේ’ (First Class) හෝ ‘දෙවන පන්තියේ ඉහළ’ (Second Class Upper division) සාමාර්ථයක් සහිත අවම වශයෙන් වසර 4ක කාලසීමාවකින් යුත් උපාධියක් (SLQF 6) ලබා තිබිය යුතුය.

ආචාර්ය උපාධි (PhD) අපේක්ෂකයින් සඳහා :

  1. 2026.12.31 දින වන විට වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
  2. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින්, අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළව ‘පළමු පන්තියේ’ (First Class) හෝ ‘දෙවන පන්තියේ ඉහළ’ (Second Class Upper division) සාමාර්ථයක් සහිත අවම වශයෙන් වසර 4ක කාලසීමාවකින් යුත් උපාධියක් (SLQF 6) මෙන්ම, පිළිගත් විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් (Master’s degree – SLQF 9/10/11) ද ලබා තිබිය යුතුය.

උපාධි අපේක්ෂකයින් සඳහා :

  1. අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  2. 2026.12.31 දින වන විට වයස අවුරුදු 25ට අඩු විය යුතුය.
  3. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන්, අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයන්ට අදාළව අවම වශයෙන් විෂයයන් තුනක් සමත් වී තිබිය යුතුය.
  4. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. (අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් ‘S’ සාමාර්ථයක් ලබා තිබිය යුතුය.)
  5. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය යුතු අතර, අධ්‍යයන කාලය තුළ චීනයේ ජීවත් වීමට සූදානම්ව සිටිය යුතුය.
  6. අයදුම්කරු, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර සිසුවෙකු ලෙස (එනම්, අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව – UGC මගින් තෝරා ගන්නා ලද සිසුවෙකු ලෙස) උපාධි පාඨමාලාවක ලියාපදිංචි වී හෝ එය හදාරමින් නොසිටිය යුතුය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති,  මේ සඳහා අදාළ නිවේදන පහතින් සදහන් වේ.

Full Details – Undergraduate Download
Full Details – Masters & PhD Download
Online Application Apply_Here
Website Links www.mohe.gov.lk
www.campuschina.org
Closing Date 2026.12.08

china web notice

(Visited 9 times, 9 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed