Govdoc Blog

ජපන් රැකියාවලට යන්න පාසල් අවදියේම භාෂා පුහුණුව

Japan

මෙරට දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් අනුව එරට ක්‍ෂේත්‍ර 14ක රැකියා සඳහා අයදුම්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව පවතින බවත් ඒ සඳහා අයදුම් කිරීමට ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි වසර 5ක කාලයේදී ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 3,45,000ක් බඳවාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් ජපානය සමඟ ගිවිසුම්ගත වී ඇති බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එම රැකියා සඳහා අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාව මෙරට වැසියන්ට ලබාදීමේ ආරම්භයක් ලෙස ජපන් භාෂාව ඉගැන්වීම සඳහා පියවර ගන්නා බවත්, මීට අමතරව එරට රැකියා ඉලක්ක කරගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැගිලි පිරිසිඳු කිරීම්, කෘෂිකාර්මික කටයුතු, මෝටර් රථ කාර්මික ආදී ක්‍ෂේත්‍රයන්හි කුසලතා වර්ධනය කිරීමටත් පියවර ගැනීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.

(Visited 91 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed