Govdoc Blog

උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ

Exam

උසස් පෙළ විභාගය දෙසැම්බර් මුල සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය.

එමෙන්ම 2021 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල මෙම මාසය අවසන් වීමට පෙර අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම මාසයේ 15 වැනිදා උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටියද රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ නියමිත දිනට පැවැත්වීමට නොහැකි වූ බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බව අමාත්‍යවරයා පැවසුවේය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා වර්ෂ දෙක ඇතුළත දින 400ක් පාසල් පැවැත්වීමට හැකි වූ බවත් මේ වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා බස්නාහිර පළාතෙන් පිට දරුවන් සඳහා දින 309ක් සහ බස්නාහිර පළාතේ දරුවන් සඳහා දින 245ක් පාසල් පවත්වා ඇති බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.

ඒ අනුව ඉදිරි මාස තුනේදී ඉතිරි පාසල් දින ගණන සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී දින 05 ම පාසල් පැවැත් වීමට සැළසුම් කර ඇතැයි ද මේ වන විට ඉන්ධන සැපයීම විධිමත්වීම සහ විශේෂ පාසල් බස්රථ සේවාවන් ආරම්භ කිරීම හේතුවෙන් පාසල්වලට ගුරු සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

(Visited 56 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed