Govdoc Blog

ගුරුවරුන් 40,000කට පත්වීම්

Teachers

ගුරුවරුන් 40,000කට පත්වීම්

 

පෙබරවාරි මාසයේ අග වනවිට ගුරු පත්වීම් හතළිස් දහසක් ලබා දීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව, දැනට පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට හැකිවන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

මේ යටතේ පාසල්වල ප්‍රධාන විෂයන් හයකට ගුරුවරුන් පන්දහස් පන්සියයක් බඳවා ගැනීමට ගැසට් පත්‍රයක් සූදානම් කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය සහ විශේෂ භාෂා යන විෂයයන්වලට ගුරු සේවා ව්‍යවස්ථාව අනුව මෙම පිරිස බඳවා ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව උපාධිධාරීන් විසි දෙදහසකට ගුරු පත්වීම් ලබාදීමට නියමිත බවත්, මෙම පිරිස දැනට රාජ්‍ය සේවයේ රාජකාරිවල නියුතුව සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මීට අමතරව අධිකරණ නියෝගයක් අනුව පළාත් සභා මගින් ගුරුවරුන් දහතුන් දහසක් බඳවා ගැනීමට නියමිත බව ද ඔහු කීවේ ය.

(Visited 706 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed