Govdoc Blog

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක්

Agriculture Science

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැන දැනුම් දීමක්

අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැති නම් පමණක් වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එසේ වුව ද විභාග අපේක්ෂකයින් අවලංගු වූ විභාගය සඳහා පෙනී සිටින මධ්‍යස්ථානයේ ම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින්නේ නම් එලෙස ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බව ය.

මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර නිකුත් වී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

පසුව එම විෂය පමණක් විශේෂ විභාගයක් ලෙස පෙබරවාරි මස පළමුවන දා පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

ඒ අනුව, කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එදින (පෙබරවාරි 01) පෙරවරු 08:30 සිට 11:40 දක්වාත් පළමු කොටස එදින පස්වරු 1:00 සිට 3:00 දක්වාත් පැවැත්වෙනු ඇත.

(Visited 218 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed