Govdoc Blog

පාසල් තුන්දාහක් ජූනි වනවිට ඩිජිටල්කරණය කරයි

Education

පාසල් තුන්දාහක් ජූනි වනවිට ඩිජිටල්කරණය කරයි – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත

 

  • මෙරට උසස් පෙළ පාසල් තුන්දහසක් ජූනි මාසය වන විට ඩිජිටල්කරණයට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (පෙබ. 5) පැවසීය.
  • ඊට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව පැවසූ ඇමතිවරයා අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බව ද සඳහන් කළේ ය.
  • යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.
  • සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන මීට සමගාමීව යාවත්කාලීන කර ඇති බව ද ඔහු කීවේ ය.
  • ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකට ම ගොස් මේ සම්බන්ධයෙන් සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
  • නව තාක්ෂණය සමග ඍජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
(Visited 89 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed