Govdoc Blog

පාසල් තුන්දාහක් ජූනි වනවිට ඩිජිටල්කරණය කරයි

Education

පාසල් තුන්දාහක් ජූනි වනවිට ඩිජිටල්කරණය කරයි – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත

 

  • මෙරට උසස් පෙළ පාසල් තුන්දහසක් ජූනි මාසය වන විට ඩිජිටල්කරණයට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (පෙබ. 5) පැවසීය.
  • ඊට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව පැවසූ ඇමතිවරයා අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බව ද සඳහන් කළේ ය.
  • යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.
  • සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන මීට සමගාමීව යාවත්කාලීන කර ඇති බව ද ඔහු කීවේ ය.
  • ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකට ම ගොස් මේ සම්බන්ධයෙන් සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
  • නව තාක්ෂණය සමග ඍජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed