Govdoc Blog

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද සිට අඛණ්ඩ වර්ජනය

strike
  • විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් කප්පාදුව නිවැරදි කර ගැනීම සහ මාසික හිලවු දීමනාව ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අද (මැයි 2) සිට අඛණ්ඩ වැඩ ව සිදුකරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
  • ඒ අනුව, අද දවල් 12.00න් පසු මෙරට සියලු විශ්වවිද්‍යාලවල 13,000ක් පමණ වූ අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු සේවාවලින් ඉවත්වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
  • මෙහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීම්, පර්යේෂණ හා රසායනාගාර සේවා, විද්‍යාගාර සේවා, ගොවිපළ නඩත්තු කටයුතු වැනි අත්‍යවශ්‍ය සේවාවලින් ද ජල, විදුලි, පිරිසුදු කිරීම් ඇතුළු සියලුම නඩත්තු කටයුතුවලින් ද සිය කාර්ය මණ්ඩල ඉවත් වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
  • විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියයට පහළොවක වැටුප් කප්පාදුව සහ අනෙකුත් ඉල්ලීම් පිළිබඳව වසර 7ක පමණ සිට විවිධාකාරයෙන් ඉල්ලීම් කළ ද මේ දක්වා නිසි පිළිතුරක් හෝ අවධානයක් යොමු නොකිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරමින් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය සිදු කරන බව ද අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

source – www.mawbima.lk

 

 

(Visited 181 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed