Govdoc Blog

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දිනයට සමගාමීව පැවැත්වෙන දීප ව්‍යාප්ත පාසැල් හා විවෘත පෝස්ටර් චිත්‍ර තරඟය – 2024

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දිනයට සමගාමීව පැවැත්වෙන දීප ව්‍යාප්ත පාසල් හා විවෘත පෝස්ටර් චිත්‍ර තරඟය – 2024

තරඟ අංශය

1. ජ්‍යෙෂ්ඨ අංශය – 12,13 ශ්‍රේණි
2. කනිෂ්ඨ අංශය – 9,10,11 ශ්‍රේණි
3. විවෘත අංශය – ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නිර්මාණ ඉදිරිපත් කළ හැක.

තරඟ කොන්දේසි 

1. අයදුම්පත්‍ර පහත දක්වා ඇති වෙබ් අඩවියේ සඳහන් ආකෘතිය අනුව සකස්කර ඉදිරිපත් කළ යුතුය.
2. පාසල් අංශයේ ඉල්ලුම් පත්‍ර හා පොස්ටර් චිත්‍ර විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සහතික කල යුතුය.
3. විවෘත අංශයේ නිර්මාණ නිර්මාණකරු විසින් තමාගේම නිර්මාණයක් බවට සහතික කර ඉදිරිපත් කළ යුතුය.
4. සියළුම නිර්මාණ ලියාපදිංචි තැපෑලෙන් “අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු), ජනමාධ්‍ය
අමාත්‍යාංශය, 163, ඇසිදිසි මැදුර, කිරුලපන මාවත, පොල්කේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත
යොමුකල යුතුය.
5. සියළුම පොස්ටර් චිත්‍ර සඳහා අඟල් 18X24 ප්‍රමාණයේ කඩදාසි භාවිත කළ යුතුය.
6. පෝස්ටර් චිත්‍ර භාරගන්නා අවසාන දිනය 2024.08.20 වේ.
7. ඕනෑම භාෂා මාධ්‍යයකින් පෝස්ටර් චිත්‍ර ඉදිරිපත් කළ හැක.
8. පාසල් අයදුම්කරුවන් තැපැල් කවරයේ ඉහළ වම්පස “පාසල් අංශය, පෝස්ටර් චිත්‍ර තරඟය – 2024”
ලෙස සඳහන් කළ යුතුය.
9. විවෘත අයදුම්කරුවන් තැපැල් කවරයේ ඉහළ වම්පස “විවෘත අංශය, පෝස්ටර් චිත්‍ර තරඟය – 2024”
ලෙස සඳහන් කළ යුතුය.
10. තෝරාගන්නා නිර්මාණවල අයිතිය ජනමාධ්‍ය අමාත්‍යාංශය සතුවේ.

ත්‍යාග හා සහතික පත්‍ර

සමස්ත ලංකා මට්ටමින් තෝරා ගන්නා ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර 2024 සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යාන්තර තොරතුරු අයිතිවාසිකම පිළිබඳ සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ දී පිරිනමනු ලබන අතර, තෝරාගත් නිර්මාණ එදින මහජන ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ඇත.

පොස්ටර් චිත්‍ර තරඟ මාතෘකා

1. තොරතුරු අයිතිය පුරවැසියෙකු සවි බල ගන්වයි
2. තොරතුරු අයිතිය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රාණ වායුවයි
3. තොරතුරු අයිතිය තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් කරා
4. තොරතුරු අයිතියයි අපේ ගමේ සංවර්ධනයයි
5. තොරතුරු අයිතියේ ප්‍රයෝජන රටේ ජනතාවටයි

 

Sinhala Advertisement

 

English Advertisement

(Visited 1 times, 1 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed