2026/2027 අ.පො.ස. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවීම
2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා අ.පො.ස. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට (12 ශ්‍රේණිය) (වසර දහතුනක සහතික කළ අධ්‍යාපන වැඩසටහන) සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා ඇත.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කරන පාසල්වලට ඇතුළත් වීමට අයදුම් කළ හැකිය :
- මෙම විෂය ධාරාවට ඇතුළත් වීම සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සලකා බලනු නොලැබේ.
- අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් හෝ අසමත් වූ සිසුන්ට අයදුම් කළ හැකිය.
- 12 ශ්‍රේණිය සම්පූර්ණ කිරීමෙන් පසු, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර යටතේ 13 ශ්‍රේණියේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටමේ 4 පාඨමාලාවක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ.
| Notice (Cover Letter) | English | Sinhala | Tamil |
| Application Form (PDF) | Sinhala | Tamil |
| School Name List & Contact Details | Download |
| Source | www.moe.gov.lk |
| Closing Date | 2026.07.08 |



govdoc blog
Add comment