Govdoc Blog

පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය – 2025

Ministry of Education

පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය – 2025

  • පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය 27/2025 අංක දරන නව චක්‍රලේඛය නිකුත්කර තිබේ.
  • පුරප්පාඩුවලට අයැදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයැදුම්කරුවන් චක්‍රලේඛයෙහි දැක්වෙන අයැදුම් පත්‍රය සම්පූර්ණ කර ලබන 26 වන දිනට පෙර සියලු අතිරේක ලේඛන සමග විදුහල්පතිවරුන්ට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව එම අමාත්‍යාංශය පවසයි.
  • ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
  • නව චක්‍රලේඛය අනුව 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා පන්තියක සිටිය යුතු අනුමත උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් හා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්තියක සිටිය යුතු අනුමත උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
  • පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති සංඛ්‍යාවක් පවත්වාගෙන යායුතු බවත් 6 සිට 11 දක්වා සෑම ශ්‍රේණියකට ම සමාන සමාන්තර පන්ති සංඛ්‍යාවක් පවත්වාගෙන යායුතු බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
  • පදිංචි ස්ථානයේ හෝ සේවා ස්ථානයේ සිට පාසලට ඇති ආසන්නතාව අනුව කිලෝමීටර් 10ක් ඇතුළත ලකුණු 25ක් හා කිලෝමීටර් 20ට වැඩි අයැදුම්කරුවන්ට ලකුණු 05ක් හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
  • එසේම පාසලක ස්ථිර සේවයේ නියුතු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ දරුවන්ට ලකුණු 20ක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දරුවන්ට ලකුණු 17ක්ද මව්පියන් රාජ්‍ය සේවයේ ස්ථිර සේවා කාලය වසර 05ක් හෝ ඊට වැඩි නම් ලකුණු 05ක් හිමිවන බව එම අමාත්‍යාංශය කියයි.

Source : www.moe.gov.lk

More Details  : Sinhala  | Tamil | English

(Visited 1,190 times, 7 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed