Govdoc Blog

2022 සා/පෙළ සෞන්දර්ය විෂයන් ප්‍රායෝගික විභාග සඳහා දින නියම කර ඇත

2022 අ.පො.ස. සෞන්දර්ය විෂයන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් දින ප්‍රකාශයට පත් කර ඇත. 

ඒ අනුව සංගීතය, නර්තනය සහ නාට්‍ය සහ රංග කලාව සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ 2023 අගෝස්තු 02 සිට අගෝස්තු 12 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කෙසේ වෙතත් ජයසුන්දර මහතා පවසන පරිදි බටහිර සංගීතය සඳහා ශ්‍රවණ පරීක්ෂණය අගෝස්තු 06 (ඉරිදා) පැවැත්වීමට නියමිතය. ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පෙර වසරවල භාවිත කළ ඇගයීම් ක්‍රමවේද පදනම් කරගෙන සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපෑලෙන් ලබා දීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වැඩිදුර විමසීම් සඳහා 1911 – විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 2 784208, 011 2 784537 හෝ 011 2 786616 යන දුරකථන අංකවලට සම්බන්ධ වන ලෙස අයදුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.

(Visited 802 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed