Govdoc Blog

6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් Online ක්‍රමයට

Education

2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම Online ක්‍රමය​ට සිදුකිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඊයේ (20) දින දහවල් 12.00 සිට මැයි මස 08 දින රාත්‍රී 12.00 දක්වා මේ සඳහා කාලය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

https://g6application.moe.gov.lk/#/ යන ‍වෙබ් සබැඳිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 2,427 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed