Govdoc Blog

ගුරුවරුන්ගේ ස්ථානමාරුව අවලංගු නොවේ

Teacher

ගුරුවරුන්ගේ ස්ථානමාරු විධිමත් ගුරුමාරු මණ්ඩල මගින් සිදුකර ඇති බවත් එම මාරු කිසිසේත් අවලංගු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

වසර දහයකට වඩා වැඩි කාලයක් එකම පාසලේ සේවය කරන ගුරුවරුන්ට සියලු කරුණු සලකා බලා ස්ථාන මාරු ලබාදී ඇතැයි ද මාරුවීම් ලැබ පැමිණෙන ගුරුවරුන්ට රාජකාරි බාර නොදී සිටීමට විදුහල්පතිවරුන්ට හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

2017 වසරේ සිට ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන බව ද එම ප්‍රකාශකයා කීය.

මේ පිළිබඳව කළ විමසුමක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ජනප්‍රිය පාසල් හතරක විදුහල්පතිවරුන් එක්වී මුළු මාරුවීම් ක්‍රියාවලියම අවුල්ජාලයක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.

එකම පාසලේ වසර දහයකට වැඩි කාලයක් සේවය කරන විදුහල්පතිවරුන් ව්‍යාපාරික අරමුණින් තමන්ට හිතවත් ගුරුවරුන් සුළු පිරිසක් තවදුරටත් පාසල්වල රඳවා ගැනීමට උත්සාහ කරන බව ද ඔවුන් සමග එක්වී එම විදුහල්පතිවරුන් ජාවාරම් කරන බව ද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ගුරුමාරු ක්‍රියාත්මක වීම නතර කිරීමට විදුහල්පතිවරුන් කීප දෙනකු පෙත්සමකට අත්සන් කිරීමට කටයුතු කර ඇතත් බහුතරයක් විදුහල්පතිවරුන් ඊට අත්සන් කර නැතැයි ද ස්ටාලින් මහතා කීය.

(Visited 96 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed