Govdoc Blog

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට GovPay හරහා සහන සැලසීමට යෝජනා කෙරේ.

Post

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට GovPay හරහා සහන සැලසීමට යෝජනා කෙරේ.

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්, මුදල් අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති ආපදා සහන අරමුදලට පරිත්‍යාග සිදුකිරීමට මේ වන විට පහසු සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

රාජ්‍ය ගෙවීම් ද්වාරය වන GovPay හරහා ඕනෑම අයෙකුට, ඕනෑම වේලාවක, ක්ෂණිකව පරිත්‍යාග සිදුකිරීමේ හැකියාව දැන් උදා වී තිබෙන අතර, මෙහිදී පරිත්‍යාග මුදල් එසැනින් (Real-Time) අරමුදලට බැර වන අතර, නිවසේ සිට හෝ ඕනෑම තැනක සිට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි වීමත්, එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පාරදෘශ්‍යභාවයෙන් (Transparency) යුක්ත වීමත් විශේෂිත වේ.

GovPay සමඟ සම්බන්ධ වී ඇති මෙරට වාණිජ බැංකු සහ බලයලත් FinTech යෙදුම් (Apps) රැසක් හරහා මෙම ආපදා සහන අරමුදලට මුදල් පරිත්‍යාග කළ හැකිය. පරිත්‍යාග සිදුකළ හැකි බැංකු සහ FinTech යෙදුම් ලැයිස්තුව පිළිබඳව https://govpay.lk/si/supported-banks-fintech සබැඳිය වෙත පිවිස තොරතුරු දැන ගත හැකිය.

මුදල් අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම අභියෝගාත්මක අවස්ථාවේදී පීඩාවට පත් තම සහෝදර ජනතාවට සහයෝගය දැක්වීම සඳහා කාරුණිකව දායක වන ලෙසයි.

(Visited 51 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed