6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් නුසුදුසු යෙදුමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුමක් ඇතුළත් වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති අතර එබැවින් වහාම එම මොඩියුලය බෙදා හැරීම අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.



govdoc blog
Add comment