Govdoc Blog

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2024 (2025) – සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණය

Aesthetic Subjects

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2024 (2025) – සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණය

 

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ

  1. Music (Oriental)
  2. Music (Western)
  3. Music (Carnatic)
  4. Dancing (Oriental)
  5. Dancing (Bharata)
  6. Drama and Theatre (Sinhala)
  7. Drama and Theatre (Tamil)
  8. Drama and Theatre (English)
  • පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා ඇති බව සඳහන් වේ.
  • ඒ අනුව, පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බව දැනුම් දී තිබේ.
  • ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් දන්වා ඇත.
  • තවද, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශ පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකිය.
Download Admission Card Click_Here
Website Link www.doenets.lk

Practical Test

 

(Visited 356 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed