Govdoc Blog

සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදල

President Fund

සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ලබා දෙන ශිෂ්‍යත්ව මැයි සිට

 

2022/2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6,000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන ජනාධිපති අරමුදල දැනුම් දෙයි.

ඒ අනුව, 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් ඇති අතර 2024 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 6,000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කිරීමට නියමිත ය.

තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ www.presidentsfund.gov.lk පළ කිරීමට කටයුතු කරනු ලබන අතර වැඩිදුර විස්තර සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව (www.facebook.com/president.fund) වෙත පිවිසීමෙන් දැනගත හැකි බව ජනාධිපති අරමුදල දැනුම් දී තිබේ.

තව ද, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා සහිත සිසුන් ලක්ෂයක් සඳහා පිරිනැමෙන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයැදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් වී ඇති අතර ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛන කලාප මට්ටමින් ඉදිරි මාසය තුළ ජනාධිපති අරමුදල වෙත ලැබීමට නියමිත ව ඇත.

එම නාමලේඛන ලද පසු අදාළ සිසුන් සඳහා ශිෂ්‍යත්ව දීමනා වශයෙන් මසකට රුපියල් 3,000 බැගින් මාසික වාරික 12ක් ගෙවීමට කටයුතු කෙරෙන අතර මෙම ශිෂ්‍යත්ව මුදල ද 2024 මැයි මස සිට ලබා දීමට නියමිතව තිබේ.

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed