Govdoc Blog

අ.පො.ස. උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40 ක පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට

Examination

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40 ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39කදී, ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව නගර 18ක් කේන්ද්‍ර කරමින් එම ඇගයීම් කටයුතු ජූලි මස 04 වනදා දක්වා සිදු කරන අතර ඒ සඳහා පාසල්  අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 15 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular