Govdoc Blog

VAT බදු සංශෝධනය මඟින් සිදුවූ සං‍ශෝධන

  • ජල ගාස්තු

ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහල නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03 කින් (3%) පමණ ඉහළ යන බවයි එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත පවසයි.

  • මත්පැන්

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව DCSL මත්පැන් 750ml බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ml බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

එසේම 180ml බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි පළමුවැනිදා සිට ඉහළ යන බවයි  වැඩිදුරටත් සඳහන් කරයි.

  • තැපැල් ගාස්තු

අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුව වී ඇති බවත්, ගාස්තු සං‍ශෝධනය සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වුවත්, තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බවයි වැඩිදුරටත් සඳහන් කරයි.

  • විදුලි සංදේශ සේවා

වැට් බදු සංශෝධනය සමඟ විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසයි.

ඒ අනුව 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද 3% කින් ඉහළ නැංවෙන බවය සඳහන් කරයි.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව සඳහන් කරයි.

  • කෙටි ආහාර ද්‍රව්‍ය

ප්ලේන්ටි, කිරි තේ ඇතුළු කෙටි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරිතේ මිල රුපියල් 10 කින්, කෙටි ආහාර රුපියල් 10 කින් මිල වැඩි කර තිබේ.

එසේම ෆ්‍රයිඩ් රයිස් හා කොත්තු මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හා අවහන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

  • ජංගම දුරකථන

සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට සිට ජංගම දුරකථනයක මිල 35% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති ස සඳහන් කරයි.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සංශෝධනය කිරීම හේතුවෙන් මෙලෙස මිල වැඩි වේ.

  • රිරෝද රථ ගාස්තු

රිරෝද රථ ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි..

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව 100 ක් දක්වා ඉහළ දමන බවයි එම සංගමය සඳහන් කරයි.

  • ඛනිජ තෙල්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

  • පෙට්‍රල් 92 – රු. 20 කින් (නව මිල රු.366)
  • පෙට්‍රල් 95 – රු. 38 කින් (නව මිල රු.464)
  • ඔටෝ ඩීසල් – රු. 29 කින් (නව මිල රු.358)
  • සුපර් ඩීසල් – රු. 41 කින් (නව මිල රු.475)

අඩුවූ ඉන්ධන වර්ගය

  • භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.236)
(Visited 2 times, 4 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular