Govdoc Blog

ඕමාන් රාජකීය පොලීසිය මිනිස් වෙළදාම් පැමිණිලි කිරීම සඳහා විශේෂ අංකයක් හදුන්වා දෙයි.

The Royal Oman Police

ඕමාන් රාජකීය පොලීසිය මිනිස් වෙළදාම් පැමිණිලි කිරීම සඳහා විශේෂ අංකයක් හදුන්වා දී ඇත.

ඕමාන් රාජකීය පොලිසියේ ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහි ජාතික කමිටුව (National Committee to Combat Human Trafficking- NCCHT) විසින් මෙම පැමිණිලි භාරගැනීම සිදුකරන අතර, ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.nccht.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +968 80077444 දරණ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ගාස්තු රහිත ඇමතුම් ලබාගැනීමෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

මෙම ආයතනය විසින් ඉංග්‍රිසි, අරාබි ඇතුළු භාෂා 12න් පැමිණිලි භාරගැනීම සිදුකරන අතර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඕමාන් රජයෙන් සිදුකළ විශේෂ ඉල්ලීමක් අනුව සිංහල භාෂාවෙන්ද මිනිස් වෙළඳාම් සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් අවස්ථාව ලබාදී තිබේ.

එසේ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඕමාන් පොලිස් නිළධාරීන් කඩිනමින් අදාල වින්දිතයා එරට විශේෂ ආරක්ෂක නිවස්නයක භාරයට පත්කරන අතර, මිනිස් වෙළඳාම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.

 ඕමාන් රාජකීය පොලීසිය

(Visited 2 times, 2 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular