Govdoc Blog

පොදු විභාගය / SLAcS Limited (දෙවන අදියර) විභාග ගාස්තු ගෙවීම – 2024

දෙවන අදියර සඳහා විභාග ගාස්තු ගෙවීම (පොදු විභාගය සහ SLAcS සීමාසහිත විභාගය – 2024)

රාජ්‍ය සේවයේ සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ පොදු තරඟ විභාගය – 2021 (2023)
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා සීමිත තරඟ විභාගය – 2021 (2023)
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ඉහත විභාගවල දෙවන අදියර සඳහා විභාග ගාස්තු 2024 මාර්තු 22 වන දින පැය 9:00 සිට 2024 අප්‍රේල් 2 දින 21:00 දක්වා පහත දක්වා ඇති සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය හැකි බව මෙයින් දන්වා සිටිමු.

ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන්නේ අයදුම් කරන ලද තනතුරු සංඛ්‍යාවට අදාළ සම්පූර්ණ ගෙවීම සිදු කරන අයට පමණක් බව කරුණාවෙන් සලකන්න. මුදල් ගෙවීමේ සබැඳිය සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් මගින් එවා ඇති අතර ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීම් කිසිවක් නොඑවන බව වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

  • විභාග ගාස්තු ගෙවීමට සබැඳිය: http://eps.exams.gov.lk
  • ගෙවීම් කිරීමේ ගැටළු සම්බන්ධයෙන් උපදෙස් සඳහා පහත දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව අමතන්න.
  • විභාග දෙපාර්තමේන්තුව: 011-2784226 / 011-3661246

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed