Govdoc Blog

SL vs AFG 2nd T20 ශ්‍රී ලංකාවට ලකුණු 72 ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත්හ.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 25 ක්, වනිඳු හසරංග ලකුණු 22 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 51 ක් හා නොදැවී පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිවුස් ලකුණු 42 ක් හා ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai කඩුලු 2 ක් හා Mohammad Nabi කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 115 ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 ක්, බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed