Govdoc Blog

උපාධි වැඩසටහන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය

Student Loan

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7වන අදියරේ අයැදුම්පත් ලබන මස 07 දක්වා භාර ගැනේ – අධ්‍යාපන අමාත්‍යාංශය

උසස් පෙළ සමත් නමුත් විශ්වවිද්‍යාල වරම් අහිමිවූ සිසුන් සදහා ලබාදෙන පොලී රහිත ශිෂ්‍ය ණය යොජනා ක්‍රමයේ හත්වන අදියර සඳහා අයැදුම්පත් කැඳවීම ලබන අඟහරුවාදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ 2019/2020/2021 යන වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන්ට ලබන මස 07 දක්වා ඒ සඳහා අයැදුම් කළ හැකි බවයි.

අයැදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැකියි.

වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකතන අංක අමතන ලෙසද අධ්‍යපන අමාත්‍යංශය දැනුම් දෙයි.

වැඩි විස්තර:

Advertisement

(Visited 637 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed