Govdoc Blog

විශාල පාසල් පෙළපොත් වෙනුවට මොඩියුල ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ අවධානය

Education

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පාසල් ළමුන් සඳහා විශාල පෙළපොත් වෙනුවට මොඩියුල ආකෘති ක්‍රමයක් හඳුන්වාදිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

එලෙස මොඩියුල ක්‍රමය හඳුන්වාදුන් පසු පාසල් ළමුන්ට විශාල පෙළපොතක් වෙනුවට මාතෘකා කීපයක් සඳහා එක් පොතක් ආකාරයට ලබා දිය හැකි බවද, එ​ම මාතෘකාවලට අදාළ අභ්‍යාස එම පොතේම ලබාදී එක් පාසල් වාරයක් තුළ අවසන් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එම නිසා, ඊළඟ පාසල් වාරයේදී ළමුන්ට එම වාරය සඳහා අදාළ මාතෘකා සහිත නව පොතක් ලැබෙන බවද, එබැවින් පෙර පරිදි විශාල පෙළපොතක් මුද්‍රණය කිරීමට අවශ්‍ය නොවන හෙයින් පෙළපොතක බර තුනෙන් දෙකකින් අඩුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මොඩියුල ක්‍රමය හඳුන්වාදීම මඟින් යම් මොඩියුලයකට අදාළ අභ්‍යාස පන්ති කාමරය තුළම සිදු කිරීමටද පාසල් ළමුන්ට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

(Visited 287 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed