විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.
- විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා
- ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා
- රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම හා සම්බන්ධ සියලු සේවා
More Details :
Gazette Notice | English | Sinhala | Tamil |
Add comment