Govdoc Blog

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට විවෘතව තබයි.

ol id
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (මැයි 4) විවෘතව තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
  • අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වන ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8:30 සිට පස්වරු 1:00 දක්වා විවෘතව තබන බව ය.
  • මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් සඳහා අයැදුම්පත් ඉදිරිපත් නොකළ අයැදුම්කරුවන් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරනු ලැබූ නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පත් රැගෙන පැමිණිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකි ය.

Source – www.mawbima.lk

(Visited 84 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed