Govdoc Blog

VAT ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාර ආයතනවලට නිකුත්කර ඇති VAT ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය කර ති‍බේ.

ඒ අනුව යම් ආයතනයක ප්‍රාදේශීය ශාඛාවලද එම සහතිකයේ ඡායා පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

එසේම ලියාපදිංචි වී ඇති සෑම නිෂ්පාදකයෙකුම, ආනයනකරුවෙකුම, සේවා සපයන්නෙකු සහ ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සැපයුම් සිදුකරන්නෙකුම සිය ලියාපදිංචි අංකය සැපයුම් ලදුපතේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කළ යුතු බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 4 times, 4 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed