Govdoc Blog

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්ද ?

සයිබර් ආරක්ෂාව ආරම්භ වන්නේ දැනුවත් භාවයෙනි, දැනුවත් භාවය ඔබගෙන් ආරම්භ වේ

අන්තර් සම්බන්ධිත සයිබර් ලෝකය ලොව පුරා සිටින සෑම කෙනෙකුටම ඉමහත් ප්‍රතිලාභ ලබා දෙයි. කෙසේ වෙතත්, සයිබර් ලෝකය තුලද සැබෑ ලෝකයට සමාන හෝ ඊටත් වඩා වැඩි අවදානම් ඇති බව මිනිසුන්ට අමතක ය.

සයිබර් අපරාධකරුවන් ඔබේ පුද්ගලික තොරතුරු, මූල්‍ය තොරතුරු මෙන්ම ඔබේ සම්බන්ධතා පිළිබඳව විමසිල්ලෙන් පසුවේ . එබැවින්, සයිබර් අවකාශය තුළ උපරිම ප්‍රතිලාභ ලබා ගන්නා අතර එමගින් අපව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් වේ.

සයිබර් ආරක්ෂණයේදී මානව සාධකය විවිධාකාර සයිබර් තර්ජන හා ප්‍රහාරයන්ට දොර විවර කළ හැකි දුර්වලම සම්බන්ධකය ලෙස සැලකේ. තොරතුරු සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ මානව සාධකය අවතක්සේරු කිරීමට අපි නැඹුරු වී සිටියෙමු . තාක්‍ෂණය පරිණාමය සමග අප විවිධ අභියෝග හා ප්‍රතිලාභ වලට මුහුණ දෙන ආකාරයටම සයිබර් තර්ජනයන්ට නිරපේක්ෂ විසඳුමක් නොමැති බව මතක තබා ගැනීම වැදගත්ය.

කෙසේ වෙතත්, ඔබගේ අන්තර්ජාල ආරක්ෂාව ආරක්ෂා කිරීමට බොහෝ ක්‍රම තිබේ, එය ආරම්භ වන්නේ කාලීන වෙබ් තර්ජන, ගැටළු සහ අභියෝග පිළිබඳව ඔබ සහ ඔබගේ පවුලේ අය දැනුවත් වීමෙනි.

එබැවින් අපගේ තොරතුරු සහ තොරතුරු පද්ධති ආරක්ෂා කිරීම සඳහා සයිබර් ආරක්ෂණය පිලිබඳ දැනුවත්භාවය විශාල කාර්යභාරයක් ඉටු කරයි. සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය යනු සයිබර් තර්ජන යනු කුමක්ද යන්න තේරුම් ගැනීම, සයිබර් ප්‍රහාරයක් මගින් ඇති විය හැකි බලපෑම සහ අවදානම අවම කිරීමට සහ සයිබර් අපරාධවලට භාජනය වීම වැළැක්වීමට ගතහැකි පියවර ගැන දැන ගැනීමයි.

සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය, තර්ජන වළක්වා ගැනීමට අනතුරු ඇඟවීම් සහ ආරක්ෂක ක්‍රියාමාර්ග සයිබර් ලෝකයේ ඔබගේ සහ අනෙක් අයගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත්ව සිටීමට ඔබට උපකාරී වේ. මේවා නොසලකා හැරීම පැහැදිලිවම ඔබ සහ අනෙක් අය අවදානමට ලක් කරයි.

එබැවින්, ඔබටත් අන් අයටත් උදව්වක් ලෙස අන්තර්ජාල ආරක්‍ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වී සිටින්න. හැකි සැමවිටම සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්භාවය ලබා ගන්න. ප්‍රතිපල සුබදායක වේ .

ඔබේ ආරක්ෂාව ආරම්භ වන්නේ දැනුවත් වීමෙන් බවත් එම දැනුවත්භාවය ඔබෙන් ආරම්භ වන බවත් මතක තබා ගන්න.

තනි පුද්ගලයෙකු ලෙස ඔබ අවම වශයෙන් පහත සඳහන් කරුණු පිළිබඳව දැනුවත් විය යුතුය.

  1. තතුබෑම් ප්‍රහාර (Phishing Attacks)තතුබෑම් ඊමේල් සහ තතුබෑම් වෙබ් අඩවි යනු ඔබගේ උපාංගවලට අනිෂ්ට මෘදුකාංග රිංගවීමට යොදන උපක්‍රම වේ . තතුබාන ඊමේල් වලින් එන යොමු ක්ලික් කිරීම් හෝ බාගත කර ගැනීම් හරහා එවැනි අනිෂ්ට මෘදුකාංග ඔබේ පරිගණකයට ඇතුළු විය හැක. එමෙන්ම ඔබේ සංවේදී තොරතුරු තතුබෑම් වෙබ් අඩවි වලට ලබා දීමට ඔබව පෙළඹවිය හැක.දැනුවත් වීමට පිවිසෙන්න
  2. විවිධ උපක්‍රම හරහා රැවටීම (Social Engineering)මෙහිදී මිනිසුන්ගේ මනෝභාවයන් හා හැසිරීම අයුතු ලෙස උපයෝගී කර ගනිමින් විවිධ උපක්‍රම හරහා රැවටීම මගින් සයිබර් ප්‍රහාර සිදුකරයි . විශ්වාසය ගොඩනැගීමට ක්‍රියා කර ඔබේ සංවේදී තොරතුරු සැපයීමට ප්‍රහාරකයා ඔබව හසුරුවා ගැනීමට උත්සාහ කරයි. කෙටි පණිවුඩ තතුබෑම් (SMSishing), දුරකථන හෝ හඬ තැපැල් තතුබෑම් (vishing) සහ සමාජ මාධ්‍ය තතුබෑම් ඇතුළු විවිධ ක්‍රම හරහා මෙවැනි ක්‍රියා සිදු කෙරේ .දැනුවත් වීමට පිවිසෙන්න
  3. ආරක්ෂිත අන්තර්ජාල පුරුදුඔබ අන්තර්ජාලය භාවිතා කරන සෑම විටම, සයිබර් අවකාශය තුළ ආරක්ෂා වීමට අවශ්‍ය දැනුම ඉතා වැදගත් වේ. ආරක්‍ෂිත තාක්‍ෂණයන් වලින් ඔබ්බට ගිය මානව ආරක්ෂණයක් ඇතිකරගැනීමට ආරක්ෂිත අන්තර්ජාල පුරුදු අපට උපකාරී වේ.දැනුවත් වීමට පිවිසෙන්න
  4. සමාජ මාධ්‍යවල ආරක්ෂිත භාවිතයඅපගේ මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධව සිටීමට බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය භාවිතා කරති. කෙසේ වෙතත්, එකම නීතිරීතිවලට අනුකූලව ක්‍රියා නොකරන, සමහරු අන් අයව අමනාප කිරීමට හෝ ඔවුන්ට හානියක් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරයි. සුපරීක්ෂාකාරීව සිටින්න. ඔබට සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ගැටලුවක් තිබේ නම්, දැනුවත් වීමට පිවිසෙන්න.දැනුවත් වීමට පිවිසෙන්න
  5. දත්ත පුද්ගලිකතා පිළිවෙත්සයිබර් ආරක්ෂණයේදී දත්ත පුද්ගලිකත්වය විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ සංවේදී තොරතුරු හැසිරවිය යුතු ආකාරය, ගබඩා කරන්නේ කෙසේද සහ බැහැර කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් දැනුමක් ඔබට තිබිය යුතුය.දැනුවත් වීමට පිවිසෙන්න

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular