Govdoc Blog

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද සිට අඛණ්ඩ වර්ජනය

strike
  • විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් කප්පාදුව නිවැරදි කර ගැනීම සහ මාසික හිලවු දීමනාව ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අද (මැයි 2) සිට අඛණ්ඩ වැඩ ව සිදුකරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
  • ඒ අනුව, අද දවල් 12.00න් පසු මෙරට සියලු විශ්වවිද්‍යාලවල 13,000ක් පමණ වූ අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු සේවාවලින් ඉවත්වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
  • මෙහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීම්, පර්යේෂණ හා රසායනාගාර සේවා, විද්‍යාගාර සේවා, ගොවිපළ නඩත්තු කටයුතු වැනි අත්‍යවශ්‍ය සේවාවලින් ද ජල, විදුලි, පිරිසුදු කිරීම් ඇතුළු සියලුම නඩත්තු කටයුතුවලින් ද සිය කාර්ය මණ්ඩල ඉවත් වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
  • විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියයට පහළොවක වැටුප් කප්පාදුව සහ අනෙකුත් ඉල්ලීම් පිළිබඳව වසර 7ක පමණ සිට විවිධාකාරයෙන් ඉල්ලීම් කළ ද මේ දක්වා නිසි පිළිතුරක් හෝ අවධානයක් යොමු නොකිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරමින් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය සිදු කරන බව ද අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

source – www.mawbima.lk

 

 

(Visited 4 times, 4 visits today)

Menuka Jayaweera

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed