Govdoc Blog

අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවයි .

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේදී අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි‍

ඊට පෙර පළමු අදියර පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බවත් සඳහන් කරයි.

පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටළු ද, විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටි.

ප්‍රතිලාභීන් දාහතරලක්ෂ හයදහස් නවසිය තිස් දෙනෙකු සඳහා අස්වැසුම ඔක්තෝබර් මස වාරික මුදල් මේ වනවිට ගිණුම්ගත කර අවසන්ව ඇත.

මීට අමතරව, සුබ සාධන ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20ක් දක්වා ඉහළ නංවමින් සුදුසුම කණ්ඩායම ඒ සඳහා තෝරා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර 2024 සඳහා ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular