Govdoc Blog

උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන  (05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 2.00 ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් සිදු කරයි.

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed