Govdoc Blog

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් පළමු සතියේ පැවැත්වේ.

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකා තුළ ග්‍රාම නිලධාරී වසම් 14,022ක් පිහිටා තිබෙනවා. ග්‍රාම නිලධාරී වසමක් සඳහා එක ග්‍රාම නිලධාරියෙක් ලෙස තනතුරු 14,022ක් අනුමත වී තිබේ.

2023.06.30 වන දිනට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පවති. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අමාත්‍යවරයා ලෙස තීරණයක් ගෙන 2023.05.28 වන දින නිකුත් කළ අංක 2230 දරණ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය අනුව 2023.03.31 වන දිනට පැවති පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත් දැනට රජයේ සේවයේ නියුතු නිලධාරීන් අන්තර් ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ගැසට් නිවේදනය අනුව අයදුම්පත් ලැබී ඇති අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මස විභාගය පැවැත්වීමට නියමිතයි. පළමු සතියේ විභාගය පවත්වන බවට විභාග කොමසාරිස්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්ට දන්වා ඇත.

Past papers –

Past papers

Grama Niladhari Service Examination

Model papers  

Grama Niladhari Service Examination

Grama Niladhari Service Examination

(Visited 17 times, 17 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular