Govdoc Blog

සුරක්ෂා සිසු රක්ෂණය – 2024

සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවත හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය 2016 වසරේදී හඳුන්වා දුන් අතර පසුව එය ක්‍රියාත්මක නොවිණි.

ඒ අනුව, 2024 සිට සියලු පාසල් සිසුන් වෙනුවෙන් මෙම රක්ෂණ ආවරණය ලබා ගැනීමට හිමිකම ලැබෙනු ඇත.

  • මූලික ගෙවීම් නැත

රක්ෂණය වෙනුවෙන් කිසිම ගෙවීමක් කරන්නට මේ දරුවන්ගේ දෙමව්පියන්ට සිදුවන්නේ නැත. සුරක්ෂා සිසු රක්ෂණය වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙනි. මේ සඳහා රජයේ අයවැය යෝජනා යටතේ 2017 වසර සඳහා රුපියල් බිලියන 2.7 ක් හෙවත් මිලියන 2700 ක් මූලිකව වෙන් කර තිබේ. රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවය.

රක්ෂණයකදී  රක්ෂණ සමාගමට නීතානුකූල කොමිස් මුදලක් හිමිය. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ගේ ඉල්ලීම ප්‍රකාරව එම මුදලින් වෙනම අරමුදලක් ආරම්භ කිරීමට නියමිතය. රක්ෂණය යටතේ ආවරණය නොවන පිළිකා, ඇට මිදුලු බද්ධ කිරීම වැනි රෝග හා විශේෂිත සැත්කම් සඳහා ආධාර ලබාදෙන ජනාධිපති අරමුදල වැනි අරමුදලක හැඩයෙන් එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  • රක්ෂණයේ ප්‍රතිලාභ ලැබෙන හැටි

නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම් යටතේ වාර්ෂිකව උපරිමය ලැබෙන රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දෙකකි. දරුවෙකුට එක් වරකදී රෝහල්ගතවීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වියදම් ප්‍රතිපූර්ණ කෙරේ.   රෝහල්ගතවීමකින් තොරව වුවද පරීක්ෂණ කටයුතු සඳහා වන වෛද්‍ය ගාස්තු ප්‍රතිපූර්ණයට රක්ෂණයෙන් ඉඩ සැලසේ.

රක්ෂණය හිමිකම් කියන සෑම පාසල් දරුවෙක් සඳහා රක්ෂණ සංස්ථාව මගින් කාඩ් පතක් නිකුත් කරනු ලබයි. ප්‍රතිලාභ හිමිකරු ප්‍රතිකාර ගැනීමේදී මෙම කාඩ්පත ඉදිරිපත් කළ යුතුය. රක්ෂණය මූලිකව පදනම් කරගෙන ඇත්තේ රජයේ රෝහල්ය. රජයේ සෞඛ්‍යය සේවාවය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඇති ඕනෑම පුද්ගලික රෝහලක්, ආයුර්වේද රෝහලක්, ප්‍රතිකාර සඳහා තෝරා ගන්නේ නම් ඒ සඳහාත් ආවරණයක් හිමිවේ.

  • රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීම

රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී දිනකට රුපියල් දහස බැගින් වසරකට දින තිහක් දක්වා ගෙවීම් කෙරේ. එමෙන්ම රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී පිටතින් සිදුකරන පරීක්ෂණ සඳහා රුපියල් දස දහසක් දක්වා මුදලක් ලබා ගැනීමට රක්ෂණයෙන් අවකාශ සැලසේ.

  • පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබන්නේ නම් උපරිමය රුපියල් ලක්ෂයකට යටත් ගෙවීමක් කරනු  ලැබේ. පුද්ගලික රෝහල් හිමියන්ගේ සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  සමග අධ්‍යාපන ඇමතිවරයා කළ සාකච්ඡාවකින් අනතුරුව සුරක්ෂා සිසු රක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් රෝහල් ගාස්තු හා විශේෂඥ වෛද්‍ය ගාස්තු සඳහා සියයට විස්සක වට්ටමක් ලබාදීමට එකඟ වී ඇත.

  • නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සඳහා වෛද්‍ය සේවා සැපයීම

නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවෙක් සඳහා පුද්ගලික රෝහලක, රජයේ රෝහලක (ගෙවන වාට්ටුවක), මුදල් ගෙවන ආයුර්වේද රෝහලක ප්‍රතිකාර  සඳහා ඇතුළුවන විට ආරෝග්‍ය ශාලා කාමරයක් සඳහා දිනකට උපරිම කාමර ගාස්තුව ලෙස ලබා දෙන මුදල රුපියල් පන්දහසකි. වර්ෂයකට උපරිමය රුපියල් හැට දහසකි.

වෛද්‍ය ගාස්තුව සම්බන්ධවත් නිර්නායක තිබේ.එම්.බී.බී.එස් හෝ ඩී.ඒ.එම්.එස් උපාධිය සහිත   වෛද්‍යවරු හෝ ඊට ඉහළ සුදුසුකම් ලද වෛද්‍යවරු  වෙනුවෙන් ගෙවන වෛද්‍ය ගාස්තුව එක් රෝහල්ගතවීමක් සඳහා උපරිමය රුපියල් තිස් දහසකි. වර්ෂයක උපරිමය රුපියල් හැට දහසකි. විවිධ රෝහල් සේවාවන් හා සැපයීම් සේ සැලකෙන ඖෂධ, බෙහෙත් වර්ග, සැත්කම් ගාස්තු, විශේෂ ප්‍රතිකාර සඳහා එක් රෝහල්ගතවීමකට රුපියල් හතලිස් දහසකි. වාර්ෂිකව ගෙවන උපරිමය රුපියල් අසූ දහසකි.

  • රෝහල්ගත නොවන අවස්ථාවක

රෝහල්ගත වීමකින් තොරවත්  ප්‍රතිකාර හා වෛද්‍ය ගාස්තු ආවරණය කරගැනීම සඳහා මේ රක්ෂණය යටතේ අවකාශ සැලසී තිබේ. බාහිර ප්‍රතිකාර සඳහා රෝග හතක් වෙනුවෙන් රුපියල් දස දහසකට යටත්වන උපරිම වාර්ෂික ආවරණයක් ඇත. එම රෝග ජීවිත අවදානමක් සහිත විශේෂිත රෝගය.  පිළිකා, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතා, ප්‍රධාන ඉන්ද්‍රිය බද්ධ කිරීම, අංශභාගය, අන්ධභාවය,බහුවිධ පරිධ්‍යාය, තුන්වන මට්ටමේ පිලිස්සීම් සඳහා  ඖෂධවර්ගවලට බෙහෙත් වලට හා පරීක්ෂණයන්ට අදාල වියදම් රුපියල් දස දහසක් දක්වා ආවරණය කර ගත හැකිය.

  • වෙනත් ආවරණ

දරුවෙකු හදිසි අනතුරකින් මියගියහොත් ලැබෙන වන්දිය රුපියල් ලක්ෂයකි. දරුවෙකුගේ දෙමව්පියන් මිය ගියහොත් (එක් අයෙක් සඳහා පමණක් ) දරුවාගේ අධ්‍යාපනය පවත්වාගැනීම සඳහා ලබාදෙන මුදල රුපියල් හැත්තෑ පන්දහසකි. සිසුවෙකු පූර්ණ සදාකාලික දුබලතාවයකට පත්වුවහොත් (ඇස් දෙකේම පෙනීම අහිමිවීම, ගාත්‍රා දෙකක් අහිමිවීම, එක් ගාත්‍රයක් අහිමිවීම, එක් ඇසක් අහිමි වීම අතුළත්ය) ලැබෙන වන්දි මුදල රුපියල් ලක්ෂයකි. අර්ධ දුබලතාවයකට පත්වුවහොත් ලැබෙන වන්දිය රුපියල් පනස් දහසකි.

  • රක්ෂණයෙන් ආවරණය නොවන අවස්ථා

පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන විට ලියාපදිංචි ගාස්තුව රක්ෂණයෙන් ආවරණය වන්නේ නැත. එම අවස්ථාව ආවරණය කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. එක් දිනක් සඳහා කාමර ගාස්තුව රුපියල් පන්දහස ඉක්මවන අවස්තා වලදී එම මුදල  රක්ෂකයා විසින් ගෙවිය යුතුය. අනු ක්ෂේත්‍ර සීමාව ඉක්මවා යන විට අදාල වියදම් සඳහා වැට් බදු අය කෙරේ.

මෙම රක්ෂණාවරණය ලබාගැනීමට පෙර පැවති නිධන්ගත රෝග සඳහා රක්ෂිතයාට ආවරණයක් සැපයෙන්නේ නැත. උපතින්ම ආබාධිත වූ දරුවන්ගේ නිධන්ගත රෝග සඳහා රක්ෂණාවරණය නොලැබේ. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් විසින් සහතික කර නොමැති උපදෙස් හා ප්‍රතිකාර, වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොර රෝහල්ගතවීම් සඳහා ගෙවීම් කරන්නේ නැත. රජයේ අනුමැතිය නොලද වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර සඳහා රක්ෂාණාවරණය වලංගු නොවේ.

ප්ලාස්ටීක් සැත්කම්, රූපලාවන්‍ය ප්‍රතිකාර, තරබාරුව අඩුකිරීමේ ප්‍රතිකාර, ප්‍රතිකාර නොලබා රෝග විනිශ්චය සඳහා පමණක් රෝහල්ගතවීම්, ස්වභාවික විපතකදී මිය යෑම හෝ සදාකාලික අබලතාවයට පත්වීම,  ලංකාවෙන් බැහැරදී ලබා ගන්නා වෛද්‍ය ප්‍රතිකාර, වයස් සීමාවෙන් පිට දරුවන් ප්‍රතිකාර සඳහා කරන ඉල්ලීම්,ලිංගාශ්‍රිත රෝග, මධ්‍යසාර භාවිතයෙන් සිදුවන හදිසි අනතුරු සඳහා රක්ෂණාවරණය වලංගු වන්නේ නැත.

(Visited 6 times, 6 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular