Govdoc Blog

Nas Daily ශ්‍රී ලංකාවේ ලස්සන ගැන ලෝකයට කියයි.

ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් Youtube Vlog නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්මාණය කළ පළමු වීඩියෝව නිකුත් කර තිබේ.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු ගිවිසුමකටද එළඹිය. ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද වීඩියෝ දහසක එකතුවක් සමඟ ඔහු ලොව වාටා ජනප්‍රිය විය

ඒ තුළ This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර ඇත.

එමෙන්ම, 2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During  Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයද බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් විය

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ ජනප්‍රිය ජාත්‍යන්තර vlogger ‘Nas Daily’ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය සඳහා ඔහුගේ පළමු වීඩියෝව මෙලස සමාජ මාධ්‍යවලට නිකුත් කර ඇත

ඔහු එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ”ලස්සන සංස්කෘතියක් ඒ වගේම ලස්සන මිනිස්සු සිටින ලෝකයේ මගේ ප්‍රියතම රටවලින් එකක් ” ශ්‍රී ලංකාව බවත්ය.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් ‘Nas Daily’ විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

(Visited 3 times, 3 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular